Friday, December 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා. 

අරගෙන, දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මම කලින්  පෝස්ට් එකක එයා ගැන කියල තියනවා.  වෝල්මාට් එකෙන්, සුපියල් 100කට ගෙනාවෙ සේල් කාලෙක.

https://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_15.html

නිදිට මල පනිනවා, විස්තර වැඩි වුනොත් . චාර්ජ් වෙන්න පටන් ගන්නවා, ඒත් නැවතිලා රතු ප්ලෑෂ් වෙනවා. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, බැටරිය ඩෙඩ් නිසා කියලා. බැටරිය ගලව ගන්න, මදේ ගලවන්න වුනා. පිංතූරයක් ගත්තා , ඒක Note 7 එකේ. දාන්න විදිහක් නෑ, ෆෝන් එක හාල් ගෝනියෙ. වැකුම් ක්ලීනර් මවු-පුවරුව, එපොක්සි ලේයර් එකක් දාලා(Conformal coating) සම්පූර්ණයෙන්ම සීල් කරලා, නතිං ඩුයිං. 


ගලව ගත්තා බැස්ටිය. චෙක් කලාම 13.6v තියනවා. ඉතිං ඩෙඩ් නෑ වගේ නේද? වැරදියි. බැටරි දෙකක් හොඳටම හොඳයි එකක් බාගෙට හොඳයි, අනික අවුල්.

මේකෙ BMS (battery management system)  එකේ අවුලක් වෙන්න බැරිද? එහෙම වෙන්නත් ඇහැකි, ඒත් එක දිගට අවු 3 ඇද්ද නිසා වැඩි අවාසිය තියෙන්නෙ බැටරි පැත්තට.

චෙක් කරන්න ඇහැකිද? - පුළුවනි

ෂුවර් ද?   - නෑ

ඊළඟ පිංතූරෙ තියෙන්නෙ ලිතියම් බැස්ටි (1865) ටෙස්ටරේ සහ අමතර BMS කාඩ් එකක්. දෙකම පට්ට ලාබයි, ඈ?මා ගාව, තව වෙන බැටරි පැක් එකක් තියනවා, එක බැටරියක් විතරක් අවුල්. ඕන්නං ඒකෙන් හොඳ ඒව ගත්තෑකි.

Links:

ලිතියම් බැස්ටි ටෙස්ටරේ 


3S-4S-5S selectable  BMS කාඩ් එක

මේ කාඩ් එක ගැන හොඳ ටියුටෝරියල් එකක් සිංහලෙන්ම:



දැන් ඔය බැට්‍රි ගලවලා ටෙස්ට් කරලා ඕක ගොඩ දානවද?
පිස්සුද !
මෙන්න මේක ඕඩර් කලා


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, December 13, 2023

මොබයිල් රෙප්‍යාර්කෙරේ

හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහින ලෙඩක් නෑ. අමතර බැස්ටියක් සුපියල් 15කට ගෙන්න ගෙන දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?

ඒත් බැස්ටිය මාරු කරන්න හිතෙනකොටම "දැන් මොකටෑ ඔහේ ඕක ගැලෙව්වෙ, ඇයි ඉත්තෑ අමාරුවටද" කියල කව්දෝ අහනව මැවිල පේනවා.


තව දුරටත් මේ මානසික ආතතිය දරන්න බැරිම තැන, යූ-ටියුබ් වීඩියෝ කීපයක්ම බලල කාරිය, පහුගිය දොහක මම වැඩේට බැස්සා. ඉස්සෙල්ලාම මොබයිලාගෙ පශ්චාත් භාගය ලාවට රත් කලා. ඊට පස්සෙ තුනී ප්ලාස්ටික් කාඩ් එකක් දාරෙ අතරින් රිංගෙව්වා. සිරිංජරේක දාලා, වටේටම අයිසොපොර්ෆයිල් ඉන්ජෙක්ට් කලා. 

ලොකු අවුලක් නැතුව බැක් කවර් එක ගලෝගත්තා. ෆින්ගර් සෙන්සර් කේබල් එකත් පරිස්සම ගැලෙව්වා. පරණ බැස්ටිය, කෝටුවෙ ගිය ඉබ්බා වගේ, දත කාගෙන අයින හපාගෙනම ඉන්නවා. හෙලවෙන්නෙවත් නෑ.

මම නිතර දකින මේ වගේ නිවුස් නිසා, පරන වුනත් ලිතියම් බැටරි වලට ගවුරවයෙන් සලකන්න ඕනෙ බව දැන ගෙන හිටියා. නවන්න, අනින්න බෑ. අඞු-පඞු වලින් අදින්න බෑ. රත් කරන්න බෑ.

ඒ වංගියෙ, ප්ලාස්ටි ප්‍රයින් ටූල් එකක් ආධරයෙන් යාන්නත්  බැටරියෙ පැත්තක් උස්ස ගත්තා. ඊට පස්සෙ යහමින් අයිසොපොර්ෆයිල් වඩියක්  පොවලා කාරිය, වදෙන් පොරෙන් පරණ බැටරිය ගලව ගත්තා.

අලුත් බැටරිය දැම්මා. ආයෙ ඒකත් එක්ක ආව, ගම් ස්ටිකර් ඕන වුනේ නෑ. පරණ එකෙන් ඉතිරි වෙච්ච ටික වැඩියත් එක්ක සෑහුනා. එහෙන් මෙහෙන් සර්කිට් බෝඩ් වලට විසිවෙලා තිබ්බ අයිසොපොර්ෆයිල් බිංදු වලට "පුහ්" ගාලා කටින් පිඹලා, දෙයියන්ට පිං දීලා මොබයිල්  එක ඔන් කලා.

මුලදී ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් ස්ක්‍රීන් එක යටින් සිතියමක් වගේ පැල්ලමක් මතු වෙන්න ගත්තා. ඊට පස්සෙ  ස්ක්‍රීන් එක

ගැහිලා........ගැහිලා..................ගැහිලා.............................................මලා. ආ, මැරෙන්න කලින් එයාම හතර වටේටම කෝල් කීපයක්ම ගත්තා. පොලෝසියට මන්දා?

මාගේ නිගමන සහ නූගත් උගත් පාඩම්:

1. 50%  අයිසොපොර්ෆයිල්වල බාගෙට, බාගයක් තියෙන්නේ වතුරය.

2. දෛයන් මොබයිල් රෙප්‍යාර් කරන්නේ නැත.

3. "ඩොලර් ඉස්ටෝරුව" මොබයිල් රෙපයාර් බඩු ගැනීමට හොඳ තැනක් නොවේ.( වටේ පිටේ කිසිම තැනක් 99.99% අයිසොපොර්ෆයිල් නැත. ගිණිගන්නා සුළු නිසා විය හැක.

4. මොබයිල් වතුරට අකමැතිය. නාන්න නං කොහොමවත් කැමති නැත.

5. මලකඩ කෑම ( corrosion ) යනු රසායනික ප්‍රතිකිරියාවකි. බැටරි විදුලිය එයට උත්ප්‍රේරකයකි. ෆෝන් එක "ඕෆ්" කිරීම යනු සම්පූර්ණ බැටරි විදුලිය විසන්ධි කිරීමක් නොවේ.

6. අවුරුදු 5ක් වයස වුවද, ඇන්ඩ්‍රොයිඩ් 10 දිව්වද, WiFi 5GHz, LTE, biometric, fast charging ඇති 4Gb/64Gb  Redmi Note 7 තාමත් අපූරු මොබයිලයකි.

7. මොබයිල් රෙප්‍යාර් යනු වෘතීයමය රැකියාවකි. සුපියල් 20-30 මොබයිල් කඩේ චීනාට දුන්නා නං , අද මේ දුක විඳින්නේ නැත. ඒත් එහෙම වුනා නං මට ලියන්නට පෝස්ට් එකකුත් නැත..

 නඩු භාණ්ඩ - Exhibit A

අද ඕඩර් කරපු බඩු ආවා. රුපියල් 12 කට, Touch screen සහිත සම්පූර්ණ  LCD  මුහුණතක් දෙන්නේ කෙසේද කියා මා දන්නේ නැත. ඒකටම ඇල්කොහොල් වයිප් සහ ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකක්ද ඇතුලත් වී තිබුනි. මේ දිනවල චීනයේ මොබයිල් දන්සැලක් පවතිනවා විය හැක.

ඊලඟ පිංතූරයේ ඇත්තේ. බැක්-ලයිට් කොන්ට්‍රෝල් IC වැලකි. සංසංදනයට තබා ඇති, පොල් උලක් මෙන් පෙනෙන්නේ ඉඳිකටුවකි. වාසනාවට ඒ IC එකට හානියක් වී තිබුනේ නැත.

රෙප්‍යාර් කල මොබයිලයා ගිණිකසයා සේ වැඩය. ඒත් තාම ගම් දමා අලවා නැත. පවර් ඔන් ලෝගො එක දැක්කාම, බාප්පව දැක්ක වගේ සතුටක් ආවා. 

මොබයිල් එක නැති කාලෙ මට දැණුන දෙයක් තමයි, අපි තාක්ෂණය මත කොතරම් යැපෙනවද කියන එක. තාක්ෂණය මඟින් මිනිසෙක්ගේ පැවැත්ම මකවලා දාන්න හැකි දිනය වැඩි ඈතක නෑ කියලත් හිතෙනවා.

මෙන්න මේකත් ලාභ වුනත් මයික්‍රො-සොල්ඩරින් වලට සුපිරි භාණ්ඩයකි. සේල් වෙලාවෙ ෆ්‍රී ෂිපින් එක්ක රුපියල් 40 කට තිබ්බා.


චීනා බුදු වේවා!



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, December 11, 2023

වින්ඩෝස් 11ට මල් මිටක්

මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්‍රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර්  සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා ,  බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.

මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.

අද මාතෘකාව:

මවු-පුවරුව මාරු කිරීමෙන් පසු, පැරණි වින්ඩෝස් 10/11 නැවත පාවිච්චි කල හැකිද?  

මේක ගැන බොහෝ අය කියන්නෙ, "කල හැකියි, ඒත් නොකල යුතු දෙයක්" කියලයි. 


මෙතන ඉදිරිපත් කරන තර්කයෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් ප්‍රශ්ණය වෙන්නේ, ඔවුන් කියන ලෙස වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත කොට, සියලුම ඇප්ස් නැවත ස්ථාපිත කිරීමට, මට හැකියාවක් හෝ ඉවසීමක් නැති කමයි.

ඒත් අනෙක් අය දරන්නෙ වෙන මතයක්. මේක මගේ කම්මැලි ජානයත් සමඟ සමපාත වෙනවා.


වින්ඩෝස් 11ට මල් මිටක්:

මගේ අත්දැකීම අනුවත්, මා දැනටමත් වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත නොකොට, පැරණි වින්ඩෝස් මතම මවු-පුවරු පහක් පමණ මාරු කර ඇත. විශේෂයෙන්ම, නවතම වින්ඩෝස් 11 මේ ක්‍රියාවලියේදී, වැඩේ අල නොකර, ගොඩ දැමීමට විශිෂ්ඨ හැකියාවක් දක්වන බව කියන්නම වෙනවා. වින්ඩෝස් ඇක්ටිවේෂන්, මවු-පුවරුට සම්බන්ධ නිසා, ඇක්ටිවේෂන් එක මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකත් එක්ක ලින්ක් කරගැනීම නුවණට හුරු දෙයක්.

ඒත් මෙහෙම කිරීමේදී, පැරණි මවු-පුවරුවල "චිප්-සෙට්" සහ අනිකුත් දෘඩාංග ඩ්‍රයිවර්වලට මොකද වෙන්නෙ? ඒවා නිකං ඔහේ තියනවද? ඒ නිසා වින්ඩෝස් කාර්‍යක්ෂමතාවයට බලපෑමක් තියනවද? 

උත්තරේ - මම දන්නෙ නෑ කියන එකයි. කිසිම කෙනෙක් ඒ ගැන කියන්නෙ නෑ. දැන් එතකොට, දන්නෙත් නැත්නම්, මොකක්ද මේ කියන්නෙ? අවාසනාවට උත්තරය එතරම් කලු-සුදු නැත. වින්ඩෝස් Task-Manager හරහා, දැනට සක්‍රීය "ප්‍රොසෙස්" පරීක්ෂා කිරීමේදී, මගේ  පැරණි මවු-පුවරුවක් වූ Asus ඩ්‍රයිවර් හමුවුන බව මතකයේ ඇත.

සමහරවිට, රැව්ලයි-කැඳයි දෙකම බේරගෙන, වින්ඩෝස් වලින් පැරණි  "චිප්-සෙට්" ඩ්‍රයිවර්ස් ගලවන්න ක්‍රමයක් තියෙන්නත් හැකියාවක් ඇත. GPU එකට නං එහෙම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් තිබෙන බව දනිමි.

Display Driver Uninstaller (DDU)

මේ DDU ක්‍රමවේදය ගැන, යූ-බටේ ඇති වෙන්න වීඩියෝ තියනවා. කෙටියෙන් කියනවා නං, වින්ඩෝස් "සේෆ් මෝඩ්" එකට බූට් කරලා, DDU රන් කරලා පරණ ඩැයිවර්ව ගලවලා, ආයෙ වින්ඩෝස් නෝමල් මෝඩ් එකේදී අලුත් ඩැයිවර්ව ඉන්ස්ටෝල් කරනව, එච්චරයි.

Sysprep ක්‍රමවේදය:

මේකට කියන්නෙ entering OOBE(Windows Out of Box Experience) with "Sysprep" කියලලු. මේක සිස්ටම් ඇඩ්ඩිංලගෙ කමාන්ඩ් එකක්. මට තේරුන විදිහට sysprep කමාන්ඩ් එකෙන් කරන්නෙ, "platform independent" OS image එකක් හදන එකලු.

මෙහෙම බරසාර අර්ථදැක්වීමක් තිබ්බට වැඩේ කජු කනවා වගේ ලේසියි. කරන්න තියෙන්නෙ පහලින් තියෙන ෆයිල් එක රන් කරන්න  විතරයි.

c:\windows\system32\sysprep\sysprep.exe

ඒත් ප්‍රශ්ණය වෙන්නෙ, ඒකෙ සාර්ථකභාවය සහ අනතුරුදායක කමයි. දැනට තියෙන වින්ඩෝස්වල ෆුල් බැකප් එකක් නැතුව මේක කරන්න එපා කියලයි මම නං කියන්නෙ.

මගෙන් වැඩි විස්තර  අහන්න එපා, දන්නෙ නෑ. මෙතන වැඩිහරියක් තියෙන්නෙ, මගේ තර්කාණුකූල අනුමාන(educated guesses) විතරයි. මට කියන්න ඇහැකි මගේ අත්දැකීම විතරයි. ටික වෙලාවක් ගත්තත්, කිසිම අතුරු ආපදාවක් නැතුව, අලුතින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනව වගේම ගියා. මැද හරියෙදි ඇහැව්වා, "පැරණි වින්ඩෝස් බැක්-අප්" එකක් තියනවා, සෙටිංග්ස්, ඇප්ස් ඒකෙන් ගන්නද කියලා? මම  Sysprep රන් කලේ, වැඩිය පාවිච්චි නොකරන admin profile එකකින්. වැඩේ අහවර වෙලා, Local User profile එකට මාරු වුනාම, ඔක්කොම පරණ ඇප්ස් ටික තිබ්බා.

මට කියන්න තියෙන්නෙ, මෙහෙම එකක් තියනවා කියල විතරයි. මේ ගැන දන්න, අපේ උගත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරු ඇනෝලා, ඇඩ්මින්ලා, වැඩි විස්තර සපයනවා නං කුරුතග්ඥ වෙමි.


WizTree
හරහා ලබාගත් Drive image පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ, වින්ඩෝස් 11 core system අරගෙන ඇත්තේ 36Gb ඉඩක් පමණක් බවයි. වින්ඩෝස් 11 Downloads ෆෝල්ඩරය අමතර HDD එකකට යොමු කල හැකි අතර, බොහෝ ඉඩක් ගන්නා ඇපස්ද අමතර HDD එකකට දැමිය හැකිය. නිතර බැක්-අප් ගන්නේ නම්, 33Gb වන "Old Windows"  ෆෝල්ඩරයද ඉවත් කල හැකිමුත්, මට එසේ කිරීමට අවශ්‍යතාවයක් ඇති වූයේ නැත. 

මගේ ආපදා ප්‍රතිසාධන සැලසුම
සමහරු de-bloating windows ගැන කීවත්, තවත් දන්න කියන අය කියනා ලෙස, නවතම වින්ඩෝස් 11වල "අදාල" ඩ්‍රයිවර් පමණක් ලෝඩ් කරගෙන, අදාල නොවන ඒවා නොසලකා සිටීමෙ හැකියාව නිසා, මේ අනවශ්‍ය ඩ්‍රයිවර් ගැන කරදරවීම අත්‍යාවශ්‍යම නොවන බව මගේ පෞද්ගලික අදහසයි.


(කෙසේ වුවත් De-bloating windows මාතෘකාව, වැඩි අවධානයක් යොමු කරන්නේ, මයික්‍රොසොෆ්ට්, බ්ලෝට්වෙයා මඟින් යූසර් ඇක්ටිවිටි ට්‍රැක් කිරීම ගැනයි.) 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Tuesday, November 14, 2023

වායු සමීකරණය සඳහා විශ්ව පාලන මණ්ඩලයක්

යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. කිව්වා විතරක් නෙමෙයි හයි කරලා. වැඩ කරලත් පෙන්නුවා. වැදගත්ම දේ  "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" තියෙන බව සහ ඒ සංකල්පයයි. මමත් ගියා Aliexpress, මෙන්න බොලේ තියනවා, වායු සමීකරණය වලටත් "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්".


මේ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" සංකල්පය හරිම වැදගත්. ඔය බොහෝ "ගෙදර දොර උපකරණ" වල තියෙන්නේ එකම කොටස් ටික තමයි. ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර ඔය කොයිවායෙත් මූලික ක්‍රියාකාරිත්ව පරිපාටිය, දශක ගාණකට තාම වෙනස් වෙලා නෑ. ඒ නිසා මෙහෙම, "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් සවි කිරීම, න්‍යායාත්මකව හරි යනවා. දැන් මේ හාදයා ඒක ප්‍රායෝගිකවත් කරල පෙන්නුව. මට හිතුනේ, රෙදි සෝදන මැෂිමක ක්‍රියාකාරිත්වය, වායු සමීකරණයකට වඩා සංකීර්ණයි කියලයි. 

මගේ කාමරේ තියනවා, රජකාලෙ වායු සමීකරණයක්.  යාලුවෙක් නිකං දුන්නෙ. ඕක පාවිච්චි වෙන්නෙ සමර් එකේ දරුණුම කාලෙ විතරමයි. ඒ හැටිම අවුලක් වුනේ නෑ. වංගියක් නියුට්‍රල් වයර් එක ආක් වෙලා ගැලවුනා රොටරි ස්විච් එකෙන්. මම ඉක්මනටම හොයා ගත්තා, වායු සමීකරණය හිටපු ගමන් නැවතුනහම, හොඳ පයින් පාරක් දුන්නාම වැඩ කරන බව( පස්සෙ ගලවලා පෑස්සුවා). පෝටබල් වායු සමීකරණයක ක්‍රියාකාරිත්වය මෙතනින් බලා ගත්තෑකි.



මගේ පෞරාණික පෝටබල් වායු සමීකරණයේ බ්‍රෑන්ඩ් එක Fedders. 1896 ආරම්භ කරපු කොම්පැණියක්ලු. මේ පිංතූරෙ ඉන්නෙ ඒක. ඉලෙක්ට්‍රොනික්ස්, ප්‍රොසෙසර්, LCD ඩිස්ප්ලේ, රිමෝට් මුකුත් නෑ, තනිකරම මැකෑනිකල් කන්ට්‍රෝල්. ඒ ගැන නං මගේ අකමැත්තක් නෑ, මොකද මැකෑනිකල් කන්ට්‍රෝල් කරදර අඩු නිසා. ඒත් එකම අවුල, උශ්ණත්ව පාලනය. ඒක නං සතුටුදායකයි කියල කියන්න බෑ. තිබ්බ ප්ලාස්ටික් exhaust හෝස් එක දිරලා ගිය නිසා, දැන් ඇලුමිනියම් එකක් දාලයි තියෙන්නෙ.

"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට" කිව්වැහෙ, ඔය කොයි වායු සමීකරණයෙත් තියෙන්නෙ එකම දේවල් ටික. Aliexpress වායු සමීකරණ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එක මේ පහල තියෙන්නෙ. උඩ වීඩියෝවට ඉහලින් තියෙන්නෙ, ඒකෙම සර්කිට් ඩයගෑම් එක. 


රුපියල් 22යි. "ආවොත් ආව, ගියොත් ගියා" කියල ඔන්න ඔහේ කෙටුව. රිමොට් එකේ බටන් ඔක්කොම චයිනීස් වගෙයි පෙන්නෙ. ඒක ඒ හැටි අවුලක් නෑ, මට ගූගල් ලෙන්ස් හරහා ඒව කියවන්න ඇහැකි. මා ගාව ක්‍රිම්පින් ටූල්ස්, මල්ටිමීටර් ඔක්කොම තියනවා. ඊයම් පාස්සන බවුත් එකෙත් ප්‍රොසෙසර්, ඩිස්ප්ලේ තියෙන මේ කාලෙ, මේ පෞරාණික මැකෑනිකල් කන්ට්‍රෝල් ටිකාක් විතර අවනම්බුවක් වගේ කියල හිතෙනවා.

මේක මට අටවගන්න පුළුවන් වෙයි නේද? හිත හැදෙන්නත් එක්ක, ඔබේ වටිනා ටැක්නිකල් උපදෙස් පහතින් කොටා ගෙනම යන්න. වැඩේ ජෝන් බාස්ට ගියත්, අඩුම ගනනේ මේ නිසා, AC එක ගලවලා, සුද්ද කරලා, අඩු-පාඩු බලන්න උනන්දුවක්වත් ඇති වෙන්නෙ නැතෑ.

Electrical Safety: මේව තියනවා කියලා, මේන් ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක, මන්කි බිස්නස් කරන්න කියන එකක් මෙයින් අදහස් වෙන්නෙ නෑ. තමන්ගෙ රටේ ඉලෙක්ට්‍රිකල් කෝඩ් එක, වයර් කලරින් කෝඩ් සහ අනෙකුත් ඉලෙක්ට්‍රිකල් ආරක්ෂක රෙගුලාසි පිළිපදින්න ඕනෙ. මේ සඳහා මූලික දැණුමක් තිබීමත් අවශ්‍ය වෙනවා.

ලාබෙට ලැබිච්ච නිසා මෙන්න මේකත් ගත්තා.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, November 5, 2023

මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම

තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ. 

CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි,  ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා. 

සාමාන්‍ය Intel සොකට් එකක පින් දාස් ගාණක් තියනවා. ඊට අමතරව CPU වෝල්ටේජ් එක 1.0V වලට වඩා අඩු නිසා 165W වගේ  cpu එකක් උපරිම ධාරිතාවෙන් වැඩකරන කොට, සමහර  පින් හරහා සෑහෙන ඇම්පියර්  ගානක් ගමන් කරනවා. ඒ වගේම ඩේටා ස්පීඩ් එක 3.8 GHz විතර වෙනවා. හැම පින් එකක්ම, නියමාකාරයෙන් ස්පර්ශව තිබීම වැදගත් වෙන්නෙ ඒකයි.

Intel socket එක, කොහොමත් නැවෙන, තැලෙන, ඇදවෙන පින් වලට ලෝක ප්‍රසිද්ධයි. හරි, අපි හිතමුකො පින් වලට හානි වෙන එක, භාවිතා කරන්නගෙ වරද කියල. එක පින් එකක්වත් නමා නොගත්තත්, කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ. CPU එකෙන් එලියට, නියමාකාරයෙන් හීට් ට්‍රාන්ස්ෆර් වෙන්න, CPU cooler එකේ ඉස්කුරුප්පු ඇණ හතර, බැලන්ස් වෙන විදිහට, අඩුත් නැතුව, වැඩිත් නැතුව තද කරන්න ඕනෙ. මේක කරන්න කිසිම මාපකයක් නෑ, හිත් සෝදිසියට තමයි කරන්න වෙන්නෙ. එහෙම කලා කියමුකො. ඒත් කතාව තාම ඉවර නෑ.

මේ පින් සහ කන්ටැක්ට් වල රන් ආලේප කරලයි තියෙන්නෙ, වැඩි කල් පැවැත්මට. ඒත් යන එන අධික ධාරාව හෝ වේගය නිසා කල් යනකොට (වාතයෙ තියන දූවිලි අංශු, අධික ධාරාව නිසා කාබනිකකරණය වීම වෙන්න ඇති) මේ කන්ටැක්ට් පොයින්ට්වල කාර්‍යක්ෂමතාවය හීන වෙනවා. CPU රත්වීම-සීතලවීම(thermal cycle) නිසා ඇතිවන thermal stress එකත්, කන්ටැක්ට් පොයින්ට්වල වගේම තර්මල් පේස්ට් එකෙත් කාර්‍යක්ෂමතාවයන් හීන වෙන්න බල පානවා ඇති. 

මේ ගැන සමහර විස්තර මෙතන තියනවා. Intel socket එකේ ක්‍රියාකාරිත්වය සහ ගැටළු ගැන විස්තර ටිකක් මෙතන තියනවා.


මේ වීඩියෝවෙ තියන හැම දෙයක්ම, මගේ රජකාලෙ CPU එකට අදාල නූනත් මූලික දේවල් හැම Intel CPU එකකටම පොදුයි. මට වුනේ, හිටපු ගමන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම තත්පර ගාණකට ෆ්‍රීස් වෙන එකයි. යම් උපාංගයක් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනකොට වගේ නෙමෙයි, මේ වගේ ලෙඩ සංකීර්ණයි. ඒ එකම ලෙඩේට හේතු ගණනාවක් තියෙන්නෙ පුළුවන් නිසයි. 

වැරදි මාර්ග ගණනාවක් පස්සෙ දුවල, දුවල හති අරින කොට,  OCCT එකෙන් දැක්කා සමහර ප්‍රොසෙසර් core වල උශ්ණත්ව වෙනසක්. ඒක රෙඩ් ප්ලෑග් එකක්. සාමාන්‍යයෙන් ඒවා ලඟින් යන අගයන්වල තියෙන්නෙ ඕනෙ.

Intel CPU සොකට් එක, වැඩිය නෙමෙයි කොහොමත් සෙල්ලං කරන්න හොඳ තැනක් නෙමෙයි. කල එකම දේ නැවත අසුන් ගැන්වීම(re-seating) විතරමයි.( හා දැන් සිටිං, ඉඳින්). එහෙම සිටින්-ඉඳින් කෙරුවාම, ඔක්කොම පින් ටික කලින් හිටි තැන් වලට වඩා, සේසයක් එහා මෙහා වෙලා වාඩි වෙනවා. ඒ හොඳට ඇති සැහෙන කාලෙකට.

වාසනාවට මගේ ලාබ vetroo v5 cooler එකේ ස්ප්‍රින් ලෝඩඩ් මවුන්ටින් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් සෑහෙන දුරකට බැලන්ස් ප්‍රෙෂර් එකක් CPU ඩයි කවර් ප්ලේට් එකට ලබා දෙනවා. ඒ නිසා තට්ට සෑර්ලා, හැට්ටරේලා ඇන්ජින් සීරු-මාරු කරන නිවැරදිතාවයට වැඩේ කරන්න ඕන වුනේ නෑ. දැනට වරුවක ටෙස්ට් රන් එකක් යනවා. තාම නං අවුලක් නෑ. 


මේ තියෙන්නෙ දැන් core temp තියෙන හැටි. 100% සහතික වෙන්න බැරි වුනත්, තාම හිරවෙන, කහින ලෙඩේ ආවෙ නං නෑ. උන්න හැටියට මලා මඳැයි, නේද?

වටිනා  කියන ආවුද:
 
OCCT - https://www.ocbase.com/download
Fan Control - https://getfancontrol.com/
Furmark GPU stress test - https://geeks3d.com/furmark/
Intel CPU burn test- https://www.techpowerup.com/download/intelburntest/

Furmark සහ Intel burn test වලට වඩා හොඳ benchmark tools ඇති මුත්, ඉක්මන් සහ පහසු පරීක්ෂාවකට මේවා හොඳටම සෑහෙනවා.

Foot Note:
Intel socket එක(LGA) එච්චරම නරක නොවෙන්නත් ඇහැකි. අලුත්ම AMD CPU එන්නෙත් LGA විදිහට. CPU එකේ පින්ස් නැති නිසා, ඒ පැත්තෙන් බැලුවාම පහසුයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, October 9, 2023

යකෝ ජැකෝ

 


කැලේ ඉන්නෙ, අලි, Praසන්ன,  රුදුරු වලස්සූ
වැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූ
මලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූ
ඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූ

කලකට පෙර මියැදුනාට
හතර රියනෙ වැලලුනාට
උඹෙ උත්තම රාජකීය
උණුහුම මට දැනෙයි තාම


කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි
උපත :1958 ජූලි 8
විපත : ???
වෙනත් නම්: ජැකා, ජැක්සන් ඇන්තනි , පනාපුත්‍ර කුහුඹු පැණියා



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Saturday, October 7, 2023

ඔහුට යුද්ධය දිනීමට අවශ්‍ය නැත

මේ


යුක්රේන නීති විරෝධී ආක්‍රමණය ආරම්භ වී හරියටම දින 590 කි. කෙසේ වෙතත්, රුසියාවේ "ඒකාධිපති"  ව්ලැඩිමීර් පුටින්, දේශසීමා තරණය කිරීමට තම හමුදාවන්ට අණ දුන් විට,  එය හුදෙක් " වෝක් ඉන් ද පාක්" මාදිලියේ පාගමනක් නොවීය. දින කිහිපයක් ගතවනු ඇතැයි සිතූ දෙය දැන් වසර එකහමාරක් තිස්සේ පැවති රුසියානු අසාර්ථකත්වයක් බවට පත්ව ඇත.යුක්රේනයේ මිලිටරි හැකියාව සහ චිත්ත ධෛර්යය යන දෙකම, ලොවම පුදුමයට පත් කළේය.

යුද්ධය ඉතා දිගු කාලයක් පවතිනු ඇති බවට සාධක කිහිපයක් ද පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව , 2024 වන විට රුසියාවේ රාජ්‍ය වියදම්වලින් සම්පූර්ණ 30% ක් ආරක්ෂාව සඳහා වැය කරනු ඇත - එය පුටින් වසර කිහිපයක යුද්ධයකට සූදානම් වීම ලෙස අර්ථ දැක්වේ.  දැන් මේ අර්බුධය ගැන අලුත් "කොන්ස්පිරසි තියරියක්" බිහිවී ඇත. එයට අනුව, මේ පුටින් ගැන වෙනස්ම කියවීමකි.

පුටින්ගේ ඉලක්කය: නිමක් නැති යුද්ධයක්


නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවා අනතුරු අඟවා ඇත්තේ යුද්ධය තවත් වසර කිහිපයක් පැවතිය හැකි බවයි. එය බොහෝ දුරට හැඳින් වෙන්නේ " සදාකාලික යුද්ධයක් " ලෙසිනි. යුක්රේනයට සහ බටහිර ලෝකයට එය විනාශකාරී බවක් පෙන්නුම් කරයි.

නමුත් රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එය බොහෝ විට "ඉලක්කයක්" විය හැකිය, යනුවෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු සහ ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි ගෞරවනීය මහාචාර්යවරයෙකු වන විශ්ලේෂක මාර්ක් ගැලෙයෝටි CNN වෙත අවධාරණය කරයි .

මුලින්ම බැලූ බැල්මට, මේ න්‍යාය අභව්‍ය දෙයක් ලෙස පෙනිය හැකිය. යුද්ධය, රුසියාවට දැවැන්ත අසාර්ථකත්වයක් සහ සම්පූර්ණ ව්‍යසනයක් ගෙන දුන්නේය. එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග වලට අනුව, යුද්ධය හේතුවෙන් රුසියානුවන් 120,000 ක් පමණ මිය ගොස් 180,000 ක් තුවාල ලබා ඇති අතර ලෝකයේ සම්බාධකවලින් රට ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් වීමට පරම්පරා කිහිපයක් ගතවනු ඇත.

"පුටින්ගේ යුද්ධය: චෙච්නියාවේ සිට යුක්රේනයට" පොත ලියූ මාර්ක් ගැලියෝටි, පුටින් යුද්ධය ජයග්‍රහණය කිරීමට සැබවින්ම සූදානම් නැති බව අවධාරනය කරන විට ඔහු අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරයි.

"එය සම්භාවිතාවකි. සදාකාලික යුද්ධය 'පශ්චාත්-පුටින්වාදය' සඳහා සංවිධානාත්මක මූලධර්මය බවට පත් වේ, එය නීත්‍යානුකූල කරන අතර පුටින්ට ජාතිය කෙරෙහි තම පාලනය පවත්වා ගැනීමට අවශ්‍ය වන පීඩනය මත දැඩි ග්‍රහණයක් අවශ්‍ය වේ."

යුක්රේනයට, රුසියාවට එරෙහි යුද්ධය ජය ගත හැකි බවට බලාපොරොත්තුවක් තිබේද?


මාධ්‍ය යුක්රේනයේ කුඩා ජයග්‍රහණ සියල්ල සමරන බව පෙනෙන අතර සෙලෙන්ස්කි රුසියාවට එරෙහි යුද්ධය ජය ගන්නා බව පෙනේ. නමුත් මේ මොහොතේ, 2023 සරත් සෘතුවේ දී, බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ සෙලෙන්ස්කි ජයග්‍රහණයට වඩා පරාජයට සමීප බවයි.

පුටින්ගේ අවසාන භූමිකාව

කතුවරයා සහ පුටින් විශේෂඥයා විශ්වාස කරන්නේ එය ජයග්‍රහණයට වඩා පරාජය නොවී සිටීම බවයි.

"රුසියාවට ඔහුගේ යුක්රේන ව්‍යසනයෙන් යම් ආකාරයක ජයග්‍රහණයක් සොයාගත හැකි බව පුටින් සැබවින්ම විශ්වාස කරයිද නැතහොත් ඔහුගේ සතුරන් අභිබවා යා හැකි යැයි බලාපොරොත්තු වීම හැර වෙනත් විකල්පයක් ඔහුට නොමැති බව සරලව සිතනවාද යන්න අපට දැනගත නොහැක."

"නමුත් ඔහුගේ දෘෂ්ටිකෝණයෙන්, 'සදාකාලික යුද්ධය' යන සංකල්පය ඔහුට අවසන් "නිමාවක්" ප්‍රතිරූපණය කරයි . එය ඔහුගේ සතුරන්ගේ චිත්ත ධෛර්යය තලා දමයි."

දැනටමත් බටහිර යුධ අවි සංචිත සෑහෙන පමණ හිඳී ඇති බව කියවේ. රුසියාව සහ චීනය දැනටමත් ඇමරිකන් ඩොලරයේ ආධිපත්‍යය බිඳීමට කැස කවන බව ප්‍රසිද්ධ රහසකි. 

පසු සටහන:


මා කෙස්වත් පුටින් වාදියෙකු නොවේ. ඒත් සෝවියට් කඳවුරේ බිඳ වැටීමත් සමඟම, ලෝකයේ දේශපාලන බලතුලනයත් බිඳ වැටුන බව, මම තරයේ විස්වාශ කරමි.බටහිර කඳවුරත්, එය මෙහෙයවන අදිසි හස්තයත්, ලෝකයේ ගැලවුම් කරුවන්‍ බවට මට විස්වාශයක් නැත. නව යටත් විජිතවාදය යටතේ සම්බාධක  දේශපාලන අවියක් ලෙස භාවිතය කිරීම ගැන කියුබාව හොඳ නිදසුනකි. කොමිසාර් වරුන් මඟින්, මුළු පාලන යාන්ත්‍රණයම දේශපාලනය කර, මර්දනය යටතේ රට පාලනය කරන, සමාජවාදී "යුටෝපියාව" හොඳ යැයි මින් අදහස් කරන්නේ නැත.

Love him or hate him, but this 71 year old mother clapper will go down in history, for sure.

මුං ඔක්කොම එකයි මල්ලි - රංජන්

Dagens.com (CA)හී පලවූ  "New theory: He doesn't want to win the war"  ලිපියේ  ගුගල් ට්‍රාන්ස්ලේට් හරහා  කරන ලද පරිවර්තනයකි. පසු සටහන පමණක් එක් කරන ලදී.

පිදුම , ගූගල් ට්‍රාන්ස්ලේට් ක්‍රෝම් ඇඩ්-ඔන් එක ගැන ඔත්තුව දුන් නමියාට. දැන් ගූගල් ට්‍රාන්ස්ලේට් නියමයි ඕයි. ඉස්සර වගේ අප්‍රබංස වචන දෙන්නේ නෑ. එහෙන් මෙහෙන් වචන කීපයයි හැදුවෙ. දැන් පරිවර්ථනය කරන එක, කේජු කනවා වගේ වැඩක්. මේක කපටි වැඩක් වගේ පේනවද මන්දා? ඒත් මෙතන වැදගත් දේ වෙන්නෙ, තමන් දුටු යම් වැදගත් ලිපියක්, අපේ අය සමඟ බෙදාගෙන, ඒ ගැන සාකච්චාවක් ඇරඹීම කියන එකයි.
🙏👌

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)